about us image

ආයතනය පිළිබදව

Thisum Gateway Advertising (pvt) Ltd ආයතනය 2007 අංක හත දරන සමාගම් පණත යටතේ ලියාපදිංචි පෞද්ගලික සමාගමකි.

අප ආයතනය, සතුට, ආදරය, සැනසීම, රැකවරණය සොයා යන දේශීය විදේශීය වෙසෙන ශ්‍රී ලාංකික තරුණ තරුණියන් සඳහා තම ජීවිතය සුන්දරම සන්ධිස්ථානයක් වන විවාහය සඳහා වන ශ්‍රී ලාංකික අනන්‍ය සංස්කෘතික තොරතුරු පදනම්ව එනම් වයස, ආගම, කුලය, ජනවාර්ගිකත්වය, අධ්‍යාපනය, වෘත්තිය, ආදායම් මට්ටම සහ ශ්‍රී ලාංකික සමාජයේ වැදගත් යැයි සලකන අනෙකුත් වටිනාකම් වැනි කරුණු සලකා බලා වඩාත් ගැලපෙන පුද්ගලයින් සම්බන්ධ කිරීම සඳහා සුදුසු සහකරුවෙක් හෝ සහකාරියක් සොයා දීමටත්, මංගල දිනයේදී ඔබගේ මංගල කටයුතු සාර්ථකව සිදුකර ගැනීම සඳහා අවශ්‍ය සේවාවන් පහසුවෙන්ම සොයා ගැනීමටත් අවශ්‍ය වේදිකාව අප විසින් සැපයීම අපගේ ප්‍රමුඛතම කාර්යයි.

අපව තෝරා ගත් ඔබට ලැබෙන වාසි

1. ඔබගේ පෞද්ගලිකත්වයෙන් ආරක්ෂා කිරීම

ඔබගේ ජංගම දුරකථන අංක, email කිසිදු පරිශීලකයෙකුට ලබාගත නොහැකි වීම සහ ඇරයුම් ලැබෙන තෙක් ඔබගේ ඡායාරූප අන් අයට බැලීමට නොහැකි වෙනු ඇත.

2. Chat කිරීමට හැකිවීම

ඔබට ලැබෙන ඇරයුම් පිළිගැනීමෙන් පසු මුදල් ගෙවීමකින් තොරව ඇරයුම ලබා දුන් අය සමග චැට් කිරීමට ඇති හැකියා, තවද Id verification කිරීම තුළින්ද පැය 24ක් නොමිලේ ඇරයුම් යොමු කිරීම චැට් කිරීම වැනි පහසුකම්.

3. භාෂා වෙනස් කිරීමේ හැකියාව

ඔබට පහසු භාෂාවකින් එනම් සිංහල සහ english යන භාෂා දෙකෙන්ම වෙබ් අඩවිය පරිශීලනය කිරීමට ඇති හැකියාව.

4. සුහදශීලී පාරිභෝගික සේවය

ඔබගේ ගිණුම් නිර්මාණය කිරීමේ සිට අනිකුත් සියලූම කටයුතු සඳහා ඔබ හට මග පෙන්වීමක් අවශ්‍ය නම් අපායතනයේ විසින් ඔබගේ අවශ්‍යතාවයන් ඉටු කිරීමට ඇප කැප වෙන්නෙමු.